පාචනය හා වමනය

පාචනය සහ වමනය, වැඩිහිටියන්, ළමයින් සහ ළදරුවන් අතර සුලබ වේ. සාමාන්‍යයෙන් වමනයට සහ පාචනයට හේතු වන්නේ ආහාර මාර්ග ආසාදනයන් වන අතර දින කිහිපයකින් වමනය සහ පාචනය නතර විය යුතුය.

ඔබට පාචනය හා වමනය එක විට පැවැතියද වෙන්වෙන්ව පැවැතියද ලබාදෙන උපදෙස් සමාන ව‍ෙි.

ඔබ විසින්ම පාචනයට හා වමනයට ප්‍රතිකාර ලබා ගන්නා ආකාරය

ඔබට, සාමාන්‍යයෙන් ඔබේ ප්‍රතිකාර හෝ ඔබේ දරුවාගේ ප්‍රතිකාර නිවසේදීම ලබා ගැනීමට හැකිය. මෙහිදී වැදගත් වන්නේ විජලනය වැළැක්වීමට දියර වර්ග වැඩියෙන් ලබාගැනීමයි.

කරන්න

  • නිවසේ රැඳි සිට හැකිතරම් විවේකය ලබා ගන්න
  • ජලය, ස්කොෂ් වැනි දියර වර්ග පානය කරන්න. ඔබට අපහසු නම් ටික ටික පානය කරන්න
  • ඔබේ දරුවාට මව්කිරි/ වෙනත් කිරි වර්ග ලබාදීම දිගටම පවත්වා ගන්න. දරුවාට බි්මට අපහසු නම් කිරි කුඩා ප්‍රමාණය බැගින් වෙනදාට වඩා වැඩි වාර ගණනක් ලබා දෙන්න
  • ළදරුවන්ට දියරමය ආහාර හා ඝන ආහාර ලබාදෙන අතරතුර ටිකෙන් ටික ජලය ලබාදෙන්න
  • ඔබට කෑම රුචිය ඇති වු විට ආහාර ලබාගන්න. ඔබ විශේෂ ආහාර ගැනීම/ විශේෂ ආහාර වැළැකි්ම අවශ්‍ය නැත
  • ඔබට අපහසුතාවයක්/ වේදනාවක් ඇත්නම් පැරසිටමෝල් (paracetamol) ලබාගන්න. දරුවාට ලබා දි්මට පෙර ඖෂධ පත්‍රිකාව පරික්ෂා කර බලන්න

නොකළ යුතු දෑ

  • පලතුරු යුෂ හෝ සිසිල් බීම පානය කිරිමෙන් වළකින්න– එය පාචනය උග්‍ර කළ හැකිය
  • දරුවාගේ දියරමය ආහාරයේ ස්වාභාවය වෙනස් නොකරන්න
  • වයස අවුරුදු 12 ට අඩු ළමයින්ට පාචනය නැවැත්වීමට ඖෂධ ලබා නොදන්න
  • වයස අවුරුදු16 ට අඩු ළමයින්ට අැස්පිරින්(aspirin) ලබා නොද‍ෙන්න

පාචනය හා වමනය සුව වි්මට කොපමණ කාලයක් ගතව‍ෙිද

වැඩිහිටියන්ගේ හා දරුවන්ගේ:

  • පාචනය සාමාන්‍යයෙන් දින 5-7 අතර කාලයේදි නවති
  • වමනය දින 1-2 කදී නවති

වමනය සහ පාචනය පහසුවෙන් පැතිරෙයි

වැදගත් පාචනය සුව වු පසු අවම වශයෙන් දින 2 ක් වත් පාසල් හෝ රැකියාවට යාමෙන් වැළැකි් සිටින්න. ආසාදනයන් පැතිරයාම වැළැක්වීමට

  • නිතිපතා ඔබගේ අත් සබන් හා ජලයෙන් සෝදන්න
  • වමනය හෝ අපද්‍රව්‍ය තැවරුණු ඇඳුම් හෝ ඇඳ ඇතිරිලි වෙන් වෙන්ව උණු වතුරින් සෝදන්න
  • වැසිකිළි ආසන, ෆ්ලෂ් හැඬලය, කරාම, මතුපිට සහ දොර හැඬලය සෑම දිනකම පිරිසිදු කරන්න

නොකළ යුතු දේ

  • හැකි නම්, අනෙක් අය සඳහා ආහාර පිළියෙළ කිරිමෙන් වළකින්න
  • තුවා, ඇඳුම්, හැඳි ගෑරුප්පු හෝ උපකරණ හුවමාරු කිරිමෙන් වළකින්න
  • රෝග ලක්ෂණ නතර වි් සති 2 ක් ගතවනතුරු පිහිනුම් තටාකය භාවිතා කිරිමෙන් වළකින්න

ඖෂධවේදියෙකුට උපකාර කළ හැක්කේ,:

  • ඔබට හෝ ඔබේ දරුවාට, (වයස අවුරුදු 5 කට වැඩි) අඳුරු පැහැති, දුඟද මුත්‍රා හෝ සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් මුත්‍රා පිටකිරීම වැනි විජලන ලක්ෂණ ඇත්නම්
  • ඔබට පැය කිහිපයක් පාචනය නතර කිරීමට අවශ්‍ය නම්

ඔවුන් නිර්දේශ කළ හැකි දෑ:

  • මුඛ සජලන පැකට්, ජලය සමඟ මිශ්‍ර කර පානය කරන්න
  • පැය කිහිපයක් පාචනය නැවැති්ම සඳහා ඹෟෂධ (ලොපරොමයිඩ් loperamide වැනි)- වයස අවුරුදු12 ට අඩු ළමයින්ට සුදුසු නැත

උපදෙස් ලබා ගත යුත්තේ,:

  • ඔබේ ළදරුවාට වයස මාස 12 ට අඩු නම්
  • ඔබේ දරුවා අසනි්පය අතරතුර මව්කිරි හෝ බෝතල් කිරි ගැනීම නතර කළේ නම්
  • අවුරුදු 5 ට අඩු දරුවන්ට විජලන ලක්ෂණ ඇත්නම් - නැපි අඩුවෙන් තෙත්වීම වැනි
  • ඔබ හෝ ඔබේ දරුවා (වයස අවුරුදු 5 කට වැඩි) සජලන පැකට් භාවිතයෙන් පසුවද විජලන ලක්ෂණ දක්වයි නම්,
  • ඔබ හෝ ඔබේ දරුවා අසනීප තත්ත්වයෙන්ම සිටින අතර ආහාර පාන ගත් විගසම වමනය ඇති ව‍ෙි නම්
  • ඔබට හෝ ඔබේ දරුවාට පාචනය සමග රුධිර වහනයක් ඇත්නම්
  • ඔබට හෝ ඔබේ දරුවාට දින 7 කට වඩා වැඩියෙන් පාචනය ඇත්නම් හෝ වමනය දින 2 කට වඩා ඇත්නම්

හදිසි ප්‍රතිකාර වෙත යා යුත්තේ,:

  • ලේ වමනය හෝ වමනය කෝපි පැහැය ගැනීම
  • දීප්තිමත් කොළ හෝ කහ පැහැති වමනය
  • විෂ විය හැකි දෙයක් ගිලී ඇත්නම්
  • දීප්තිමත් ආලෝකය දෙස බලන විට දැඩි ගෙල දැඩි වු ස්වාභාවයක් හා ව‍ේදනාවක් ඇතිවීම
  • හදිසියේ තද හිසරදයක් හෝ බඩ කැක්කුමක් ඇතිවිිම

පාචනයට සහ වමනයට හේතු

ඔබ වමනයට හා පාචනයට නිශ්චිත හේතුව නොදැන සිටිය හැක. නමුත් වමනයට හා පාචනයට මූලික වූ ප්‍රධාන හේතුව සදහා ප්‍රතිකාර කරනුයේ එක ලෙසට ය. වඩාත් සුලබ හේතු වන්නේ,:

  • ආහාර මාර්ග/ආමාශගත ප්‍රදාහයන්
  • නෝරොවයිරස් (norovirus), ( වමනය සඳහා රෝගබීජය යැයි කියනු ලැබේ.)
  • ආහාර විෂවීම
මුල් ප්‍රභවය